About Us

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය

Zonal Director, Negombo
Zonal Education Director
Negombo Education Zone

සුන්දර වෙරළ තීරයකින් හා කලපු තීරයකින් සමන්විත විදේශ සංචාරකයින්ගේ මනනුවන්පුබුදන ධීවර වෘත්තීය සම්ප්‍රදායික වෘත්තියක් බවට පත් වූ රැකියා විවිධත්වයක් සහිත කලාපයකි.  බහුවාර්ගීක හා බහුආගමීක මිශ්‍රිත වූ ජන ඝනත්වයක් සහිත කතෝලික ප්‍රජාව හා එක්ව සෑම ආගමකම මිනිසුන් ජීවත් වන අපූර්න වූ අධ්‍යාපන කලාපය ගති සොබාව මීගමුව අධ්‍යාපන කලාපය තුළින් හදුනා ගත හැකිය. කටාන, ජා ඇල, මීගමුව යන කොට්ඨාස තුනකින් හා පාසල් 128 ක සංඛ්‍යාවකින් හෙබි ළමා ජනගහනය 79682 ක් වූ ගුරු භවතුන් 3248 සපිරි කලාපයකි.  මෙහි ඇති සුවිශේෂී බව නම් ගුරුභවතුන් වැඩි ප්‍රමාණයක් මීගමුව කලාපයේ පදිංචිය ඇති අය නොවීමයි. ඒ නිසාම නවක ගුරු භවතුන්ට අධ්‍යයන ප්‍රදේශයක් ලෙසින් ක්‍රියාත්මක වීමට බොහෝ විට අපට සිදු වී ඇත.  ඒ සෑම අභියෝගයක්ම සෘජුව සම්බන්ධ වන්නේ ප්‍රතිඵල සංවර්ධනයටයි.  ඒ නිසාම වාර්ෂීක තේමා පාදකව(2019 වර්ෂය උපදේශන හා තොරතුරු තාක්ෂණය) ක්‍රියාත්මක වන නව්‍ය වූ වැඩසටහන් සමුදායක් නිර්මාණය කිරීමටත් නව ඉගෙණුම් ක්‍රමෝපායන්ගෙන් කලාපයේ ගුරු භවතුන් පෝෂණය කිරීමටත් වාර්ෂීක ක්‍රියාකාරී සැලැස්මක් හා පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් තුළින් කෙටි කාලීන හා දිගු කාලීන අධ්‍යාපන සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගනිමින් ඉදිරියට යාම සඳහා විෂය භාර සහකාර අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් හා ගුරු භවතුන්ද, ශිෂ්‍ය ප්‍රජාවද එකසේ කැපවෙමින් බස්නාහිර පළාතේ කැපී පෙනෙන සංවර්ධනයක් ඇති කර ගනිමින් පවතී.  වසර කීපයක් අඛණ්ඩව අධ්‍යාපන සංවර්ධනය උපදෙසා කැපවෙන අපි  ජාතික විභාග ප්‍රතිඵලසංවර්ධනය, මෙන්ම ගුණාත්මකව සමබර සංවර්ධනයක් සහිත පුරවැසියෙක් බිහි කිරීම උදෙසා වූ පුරවැසි පුහුණුවක් විශේෂයෙන් සෞන්දර්යය තුළින් මෘදු කුසලතා ඔප්නැංවීමත් අපේ ප්‍රධාන වගකීම ලෙස අපි සිතමු.  එමෙන්ම සහජීවනය හා යහපැවැත්ම පිළිබඳ අවබෝධ කිරීමේ වැඩසටහන් ඉදිරියට වඩ වඩාත් පුමූඛව ඉදිරිපත් කරන්නට සැලසුම් ගතව සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.